Sunday, April 20, 2025
Follow Us
බීට්රූට් වඩේ

 

(කුඩා වඩේ 10ක් සඳහා)

කඩල පරිප්පු කෝප්පයක්

ග්‍රේට් කරගත් කුඩා බීට්රූට් ගෙඩියක්

ලියා ගත් අමුමිරිස් හා බී ලූනු

කෝන් පිටි තේ හැඳි 1ක්

දෙහි බෑයක යුෂ

පදමට ලුණු

අවශ්‍ය නම් උම්බලකඩ කැබලි ටිකක්

බැදීමට තෙල්

 

 

මුලින්ම පරිප්පු ටික පැය 3ක් පමණ වතුර දමා පොඟවා ගන්න. දැන් හොඳින් වතුර පෙරා ගත් පරිප්පු කැබලි ටිකක් හිටින්න ග්‍රයින්ඩරයේ කොටා ගන්න. (වතුර ටිකක්වත් නැතුව කරන්න වග බලා ගන්න) ඉතිරි සියලුම අමුද්‍රව්‍ය ඒකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

විනාඩි 15ක් පමණ වඩේ මිශ්‍රණය ශීතකරණයේ තබා ගන්න. අත්ලේ වතුර ස්වල්පයක් ගා, මිශ්‍රණයෙන් කුඩා බෝල‍යක් අත්ල මත තබලා කැමැති හැඩයකට පැතලි කර ගන්න. ළිපේ ගින්දර අඩුවෙන් දමා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න. හොඳින් තෙල් බේරා උණුවෙන්ම රස විඳින්න.

(කෝන් පිටි දැමීම අත්‍යවශ්‍ය නෑ. නමුත් කෝන් පිටි මගින් අමුද්‍රව්‍ය එකිනෙක හොඳින් බැඳ තබා ගනිමින් වඩේ බෝල නිසි හැඩයට සකස් කර ගැනීම පහසු කරයි.

(Tharunie)