Sunday, April 20, 2025
Follow Us
සෝයා මීට් කරිය

සෝයා මීට් පැකට් 1ක්

බැදපු තුනපහ මේස හැඳි 2ක්

මිරිස් කුඩු මේස හැඳි 1ක්

කහ කුඩු ස්වල්පයක්

උළුහාල් තේ හැඳි 1/2ක්

ලුණු, ගම්මිරිස් (රස පදමට)

සුදුලූනු බික් 4ක්

අමු ඉඟුරු අඟල් 1/2ක කැබැල්ලක්

ලොකු ලූනු ගෙඩි 1/2ක්

අමු මිරිස් කරල් 4ක්

කරපිංචා ඉති 3ක්

තක්කාලි ගෙඩි 2ක්

කුරුඳු පොතු කැබැල්ලක්

මිටිකිරි කෝප්ප 2ක්

තෙල් මේස හැඳි 3ක්

 

 

පැකැට්ටුවේ ඇති සෝයා කැබලි ටික වතුරේ පැය 1/2ක් පමණ පෙඟෙන්න හරින්න. පැය 1/2කින් පසු සෝයාමීට් වතුරෙන් මිරිකා භාජනයකට දමන්න. මැටි බඳුනක් ළිපේ තබා තෙල් මේස හැඳි 3ක් දමා රත්වූ පසු උළුහාල් තේ හැඳි 1/2ක් දමන්න. ලූනු සිහින්ව කපා එයට දමන්න. සුදුලූනු, අමු ඉඟුරු, අමු මිරිස් සිහින්ව ලියා එයට එකතු කරන්න. කරපිංචා ඉති 3ක්ද එකතුකර ගින්දර අඩුකර හොඳින් බැදෙන්නට හරින්න. ළිප නිවා ගන්න. මිරිකාගත් සෝයා මීට් ටිකට බැදපු තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, කුරුඳු පොතු දමා හොඳින් අනාගන්න. මෙය ළිප උඩ ඇති හට්ටයට දමා යළිත් ළිප මොලවා ගන්න. හොඳින් හැඳිගාන්න. එය කර නොවෙන ලෙස හැඳි ගා දියකිරි කෝප්ප දෙක දමා තම්බා ගන්න. දියකිරි හිඳුණාට පසු කපාගත් තක්කාලි එකතුකර මිටිකිරි කෝප්ප 2 දමන්න. හොඳින් හැඳි ගා ලූනු, ගම්මිරිස් රස පදමට එකතු කරන්න.


(Tharunie)