Sunday, May 19, 2024
Follow Us
හත් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා දලු කිහිපයක්

කජු මද ග්‍රෑම් 50ක්

කොස් ඇට 10ක්

වම්බටු ගෙඩි 2, 3ක්

මෑ කරල් මිටක්

කිරි අල හෝ අර්තාපල්

ගෙඩි 2ක්

අමුමිරිස් කරල් 5ක්

රතුලූනු ගෙඩි 7, 8ක්

මිරිස් කුඩු මේස හැඳි 01ක්

තුනපහ කුඩු තේ හැඳි 01ක්

උළුහාල්, කහ, දියලුණු අවශ්‍ය ප්‍රමාණයට රම්පෙ, කරපිංචා, කුරුඳු,

පොල් ගෙඩියක මිටිකිරි කෝප්ප 01ක් හා දිය කිරි කෝප්ප 1 1/2ක්.

 

සාදන ක්‍රමය

එළවළු වර්ග ටික හා අමු මිරිස්, රතුලූනු සෝදා පසෙකින් තබන්න. දිය බේරෙන්නට හැර සියලුම එළවළු වර්ග, රතුලූනු, අමුමිරිස් කපා ගන්න. ඉන්පසු ඇතිළියකට සියල්ල දමා මිරිස් කුඩු, තුනපහ කුඩු, උළුහාල්, දිය ලුණු, රම්පෙ, කරපිංචා, කුරුඳ, කහ කුඩු දමා කලවම් කර පසෙකින් තබන්න. එයට දිය කිරි ටික දමා ළිප තබා හොඳින් තැම්බුණු පසු මිටිකිරි දමා හොඳින් ඉස්ම හිඳුණු පසු ළිපෙන් බා ගන්න. අවශ්‍ය නම් තෙම්පරාදු කර ගන්න.

(Tharunie)