Friday, April 19, 2024
Follow Us
පුංචි පුතාගේ වීරයා හැරී පොටර්

පුතුගේ උපන්දිනයට හැඩැති කේක් එකක් සාදා දෙන්න අම්මා කවදත් උනන්දුයි. ඒ කේක් එක පුතාගේ කැමැත්ත අනුවයි නිර්මාණය වෙන්නේ. ඔබේ පුතා ‘හැරී පොටර්' කතා මාලාවට කැමැතියි නම් මේ කේක් එක සකසා දිය හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ 1 බැගින් බරැති රවුම් කේක්

තුනක්

ෆොන්ඩන්ට් අයිසිං කිලෝ තුනක්

පමණ

සැන්ඩ්විච් කර ගැනීම සඳහා බටර්

අයිසිං

අඟල් 14 කේක් බේස් එකක්

රතු, දුඹුරු, එග් යෙලෝ, ගෝල්ඩ්

ආහාර වර්ණක

 

සාදන ක්‍රමය

මුලින්ම කේක් එක එක ගෙන කේක් බේස් එක මත තබා බටර් අයිසිංවලින් සැන්ඩ්විච් කර සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න. දැන් තුනී කරගත් සුදු පාට ෆොන්ඩන්ට් අයිසිං ගෙන කේක් එක මතට දමා සකසා කේක් එක වටේට වැඩිපුර ඇති කොටස් සියල්ල කපා දමන්න.

 

ස්කාෆ් එක

දැන් කහ පාට ෆොන්ඩන්ට් අයිසිං කොටසක් ගෙන තුනී කර අඟල් දෙකක් පමණ පළල අඩි එකහමාරක පමණ පටියක් කපාගන්න. එහි අඟලක් පමණ පරතරය ඇති ලෙස රතු පාට ෆොන්ඩන්ට් කැබලි අලවා පිහියකින් හෝ ටූල් එකකින් එහි අග කොටස්වල ටසල් ආකාරයට ඉරි අඳින්න. එය කේක් එක පැත්තකින් උඩ සිට පහළට රඳවාගන්න.

 

මායා යශ්ටිය

නැවතත් තද දුඹුරු පාට ෆොන්ඩන්ට් අයිසිං කොටසක් ගෙන මැදින් බාබක්‍යු ස්ටික් එකක් යවා රෝල් කරමින් මැජික් ස්ටික් එක සාදාගන්න.

 

ෆ්ලයිං ස්නිච් එක

සුදු පාට ෆොන්ඩන්ට් අයිසිංවලින් බෝලයක් සාදා දෙපසින් පිහාටු කොටස් දෙකක් ටූත් පික් ආධාරයෙන් අමුණාගන්න. තුනී ෆොන්ඩන්ට් පටිවලින් බෝලය මත හැඩ තල සාදාගෙන ඒවා හොඳින් වියළා ගෝල්ඩ් පාටින් වර්ණ ගන්වන්න. ඉන්පසු රූපයේ පෙනෙන පරිදි කේක් එක මත රඳවාගන්න.

ලොගෝ එක සහ ටොපර් එක එඩිබල් ප්‍රින්ට් ලෙස ගෙන කපා කේක් එකේ උඩින් අයිසිංවලින් අලවාගන්න. අවසානයේ කේක් එක පුරා තැනින් තැන එඩිබල් ස්ටාර්ස් තබා අලංකාර කරගන්න.

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනි

මයුරංගි සිල්වා

(Tharunie)