හෙට (03) දිනයේ දී සාමාන්‍ය ජනතාවගේ සංවිධානය වීම් මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා අද පස්වරුවේ සිටම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
පසුගිය 31 වනදා නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති උද්ඝෝෂණයක් අතරතුර බස් රථයකට සහ වෙනත් වාහනවලට ගිනිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගේ සහාය ඉල්ලා සිටින බව පොලිසිය පවසයි.
ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් අදට නියමිත අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් මාර්තු 29 වනදා ආරම්භ කරන ලද 2021 සාමාන්‍ය පෙළ විභාගය සහ 2021 උසස් පෙළ විභාගයට අදාළ නර්ථන හා සංගීත විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අද දින පැවැත්වීමට නියමිතව තිබුණා.
මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 15 ක ප්‍රමාණයක් අද දිනයේදී ධාවනය එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ධාවනය සඳහා ඩීසල් තොග හිමිවී ඇති ප්‍රදේශවල පමණක් පෞද්ගලික බස්රථ ධාවනය කරන බවයි.
මෙරටට පැමිණ සිටින විදේශිය සංචාරකයින්ට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් සිදුවන අපහසුතා මගහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව සංචාරක අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද දිනයේ විදේශිය සංචාරකයින්ට කලින් සැලසුම් කළ ප්‍රදේශවල සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බවයි එම අමත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ.
Page 251 of 726