පාරිභෝගිකයින්ගේ තොරතුරු රැස් කිරීමේ කතාවේ ඇත්ත මෙන්න
සීමිත ඉන්ධන තොග පවතින බවට සහ ඉන්ධන ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ තොරතුරු රැස් කරමින් සංසරණය වුණු කෙටි පණිවිඩය ව්‍යාජ බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසයි.
ලංකා අයි.ඕ.සී. ගනුදෙනුකරුවන්ගේ ජාතික හැඳුනුම් පත් අංකය, අවශ්‍ය ඉන්ධන වර්ගය, වාහනයේ ලියාපදිංචි අංකය ඇතුළු තොරතුරු ලබා දෙන ලෙස සඳහන් කරමින් අදාළ කෙටි පණිවිඩය සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණු බව එහි සාමාන්‍යධිකාරී මනෝජ් ගුප්තා සඳහන් කළේය,
තම සමාගම එවැනි උපදෙස් නිකුත් කර නොමැති බවත් ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයේ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Aruna