බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය තෙදින නිල චාරිකාවක් සඳහා ඊයේ (16) ඉන්දියාවට ගොස් තිබේ.
රාජකීය යුවළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමටද නියමිතයි.
විලියම් කුමරු විසින් ආරම්භ කළ පරිසර සංරක්ෂණය සඳහා වන නවෝත්පාදන දිරිගැන්වීමේ සම්මාන උලෙළට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මුම්බායි නුවර පැවැත්වෙන මෙම උලෙළේදී ලොව හොඳම පාරිසරික නවෝත්පාදන පහක් සඳහා පවුම් මිලියනය බැගින් වූ ත්‍යාග පිරිනැමීමට නියමිතයි.
මුම්බායිහි පැවැත්වෙන පරිසර, ක්‍රිකට් සහ සිනමා ක්ෂේත්‍රයට අදාළ වැඩසටහන් කිහිපයකින් අනතුරුව, රාජකීය යුවළ ලබන බදාදා නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වීට නියමිත බවයි වාර්තා වන්නේ.
2016 වසරෙන් පසුව මෙම රාජකීය යුවළ එක්ව ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වක්.