Monday, November 16, 2026
Follow Us
ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂි සන්ධිස්ථානයක්
හරිත ගුවන් සේවා ක්ෂේත්‍රයේ (Green Aviation) සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, චීන වාණිජ ගුවන් යානා සංස්ථාව (COMAC) විසින් දේශීයව සංවර්ධනය කරන ලද 'CE-25A' විදුලි ගුවන් යානය සිය ප්‍රථම නියමුවන් සහිත පරීක්ෂණ පියාසැරිය (maiden piloted test flight) සාර්ථකව නිමවා තිබේ.

 

ශැන්ඩොං පළාතේ බින්ෂෝ හිදී මෙම පරීක්ෂණ පියාසැරිය සිදු කර ඇත.
 
රාත්තල් 22,000ක (ටොන් 10ක උපරිම ගුවන්ගත වීමේ බරකින් යුත්) මෙම යානය පියාසර කිරීම සඳහා නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් පරීක්ෂණ ඉංජිනේරුවරයෙකු සහභාගී වී තිබේ.
 
මුළු පරීක්ෂණ සැසිය පැයකට ආසන්න කාලයක් (මිනිත්තු 57කුත් තත්පර 46ක්) පැවැත්වූ අතර, ගුවන් යානය මිනිත්තු 16කට වැඩි කාලයක් සැබෑ ලෙසම අහසේ රැඳී සිටිමින් කිලෝමීටර 60.4ක දුරක් ආවරණය කර ඇත.
 
පියාසැරිය අතරතුර සියලුම පද්ධති සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත්, ගුවන් යානය අපේක්ෂිත ආකාරයටම හැසිරුණු බවත් ඉංජිනේරුවෝ වාර්තා කර ඇත