Monday, November 16, 2026
Follow Us
ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන්ට කැඳවීමක්
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් අද (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබෙන බව වාර්තා වෙයි.
 
විවිධ පිරිවැය පෙන්වා ගෑස් මිල ඉහළ දැමීම සහ ඒවායේ පවතින අනුකූලතාව සම්බන්ධයෙන් විමසා බැලීම මෙහිදී සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
 
පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම පියවරගෙන තිබිණි. ඒ අනුව මෙතෙක් රුපියල් 4,965ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,740ක් වේ.
 
එමෙන්ම රුපියල් 1,988ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වී ඇත්තේ රුපියල් 2,720ක් ලෙසය.