2027 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (16)පැවැත් වේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ විවාදය පසුගිය (13) ආරම්භ වූ අතර, අද (16) පැවැත්වෙන්නේ එහි තුන්වන දිනයයි.
අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම විවාදයට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.
දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව 2027 අයවැයේ කාරක සභා අවස්ථා විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
එය දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වෙන අතර, එහි අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.