‘හස්ති සේනා’ මෙහෙයුමේදී අග්බෝ හස්තියා නිරීක්ෂණයට – තිරප්පනේ ප්‍රදේශයේ සුවෙන් හා සුරක්ෂිතව
දීපව්‍යාප්තව ක්‍රියාත්මක ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමට සමගාමීව තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 212 වන බලසේනාවේ සෙබළුන් විසින් අග්බෝ හස්තියා නිරීක්ෂණය කර තිබේ.
මහජනතාවගේ විශේෂ අවධානයට හා ආදරයට පාත්රව සිටින අග්බෝ හස්තිරාජයා තිරප්පනේ ප්‍රදේශයේ සිය ස්වාභාවික වාසභූමිය තුළ සුවෙන් හා සුරක්ෂිතව, නිදහසේ සැරිසරමින් සිටින බව මෙහිදී නිරීක්ෂණය වී තිබේ.
පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ වන අලි ඇතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් ය.
අග්බෝ ඇතුළු වන අලි ඇතුන්ට සිය ස්වාභාවික වාසභූමි තුළ නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය සලසා දීම සඳහා මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
අග්බෝ හස්තියා නැරඹීමට හෝ ඡායාරූප ගැනීමට ඔහු පසුපස හඹා යාමෙන් වළකින ලෙසත්, හස්තියාගේ නිදහසට හා ආරක්ෂාවට බාධා නොකරන ලෙසත් පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.