Sunday, December 28, 2025
Follow Us
ගතවූ මාස 6දී රිය අනතුරු වලින් 1,459ක් ජීවිතක්ෂයට

මාරක රිය අනතුරු 1,387ක්


2022 වසරේ පළමු මාස හය තුළ සිදුවූ රිය අනතුරු එකොළොස්දහස් දෙසිය පනස් එකකින් පුද්ගලයන් එක්දහස් හාරසිය පනස් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවැසීය.

ජනවාරි 01 වැනිදා සිට ජුලි 01 වැනිදා තෙක් කාලය තුළ මෙම අනතුරු සටහන්ව තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මාරක රිය අනතුරු 1,387ක් සිදුව ඇති අතර ඉන් 1,459 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම මෙම අනතුරුවලින් පුද්ගලයන් 3,326 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

සුළු අනතුරු 4,309ක් සහ පුද්ගල හානි නොමැති දේපළ හානි පමණක් වී ඇති අනතුරු 2,229ක් ද මෙම කාලයේ දී සිදුව ඇත. කෙසේ වෙතත් මේ දිනවල මාර්ගවල වාහන සීග්‍ර වශයෙන් අඩුව තිබීමෙන් අනතුරු වාර්තා වීම ඉතාමත් අඩුව තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Aruna