Sunday, December 28, 2025
Follow Us
වත්මන් පාලනයට එරෙහිව අද දිනයේ කොළඹදී විරෝධතාවක්

වත්මන් පාලනයට එරෙහිව අද දිනයේ කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇතැයි අරගලකරුවන් පවසනවා. ඔවුන් කියා සිටියේ කිසිදු ප්‍රචන්ඩත්වයකින් තොරව මෙම විරෝධය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණද ඊයේ දවස පුරා කොළඹට රැස් වූ පිරිස් එක්ව මෙම විරෝධතාව පවත්වන බවයි අද අලුයම කර විමසීමකදී අරගල භූමියේ සිටින පිරිස් පැවසුවේ.

මේ අතර ගාලු මුවදොර පැවැත්වෙන ,ගෝඨා ගෝ හෝම්, අරගලයට අදට මාස 03ක් සම්පූර්ණ වනවා. අරගලකරුවන් පවසන්නේ සිය අරමුණ ඉටුවන තුරු අරගලය අත් නොහරින බවයි.

මේ අතර කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී අද පැවැත්වීමට නියමිත විරෝධතාවලදී සංයමයෙන් කටයුතු කරන්නැයි, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් ආරක්ෂක අංශවලට පැහැදිලි ලෙස උපදෙස් ලබා දිය යුතු බව ද එහි සඳහන්.

Neth