අද උදෑසන 08 න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට ඊයේ රාත්‍රි 09 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 08 ට ඉවත් කිරීමත් සමඟයි.
ඒ අනුව, ඇතැම් පිට පලාත්වල සිට දැනටමත් දුම්රියන් කොළඹ කොටුව බලා ධාවනය වීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ලංගම වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයද අවසන් කර තිබෙනවා.
Neth