Monday, February 16, 2026
Follow Us
දුම්රිය ධාවනය යලි ඇරඹෙයි

අද උදෑසන 08 න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට ඊයේ රාත්‍රි 09 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 08 ට ඉවත් කිරීමත් සමඟයි.

ඒ අනුව, ඇතැම් පිට පලාත්වල සිට දැනටමත් දුම්රියන් කොළඹ කොටුව බලා ධාවනය වීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලංගම වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයද අවසන් කර තිබෙනවා.

Neth