Sunday, December 28, 2025
Follow Us
ලංකාවට නොගැළපෙන බව දැන දැනත් දුම්රිය මැදිරි මෙරටට ගෙන්වා ඇතැයි හෙළිවෙයි

බස් ගාස්තු ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් ගණන ද ඉහළ යාම හේතුවෙන් පාපුවරුවල මෙන්ම දුම්රිය එන්ජින්වල ද මගීන් ගමන් ගන්නා අයුරු මේදිනවල දැඩි අවධානයට යොමු වී ඇති කරුණත්.

එවන් තත්ත්වයක් තුළ ඉන්දියාවෙන් මිලදීගත් දුම්රිය මැදිරි 160 කින් 103 ක් මේ වන විටත් භාවිතයට නොගැනීමට හේතුවූ කරුණු පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණවී තිබෙනවා. ඒ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ වර්තමාන සහ අනාගත සැලසුම් පරීක්ෂා කිරීම සඳහා ඊට අදාල ආයතනවල නිලධාරීන් කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදීයි.

ඊට හේතු ලෙස නිලධාරීන් පෙන්වාදී ඇත්තේ මෙරට ධාවනයට එක් කර ඇත්තේ “වැකියුම් බ්රේක්” ක්‍රමවේදයට අයත් දුම්රිය මැදිරි බවයි. එහෙත් ඉන්දියාවෙන් ගෙන්වා ඇති දුම්රිය මැදිරි “එයාර් බ්රේක්” ක්‍රමවේදයට අයත් මැදිරි බවයි නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ.

එවැනි මැදිරි මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබාදුන්නේ කවුරුන්ද යන්නත්, එම තීරණගත් නිලධාරීන් ඊට වගකිවයුතු බවත් කෝපා කමිටුවේ මන්ත්‍රීවරුන් එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම 2017 වසරේදී ඉන්දිය ණය සහනාධාර යටතේ මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ දුම්රිය මැදිරි වසර ගණනාවක් ප්‍රමාදවී ගෙන්වීම පිළිබඳව ද කෝපා කමිටුවේ අවධානයට ලක්වුණා.

Neth