Monday, February 16, 2026
Follow Us
යුද හමුදා සෙබළෙකුට තියුණු ආයුධයකින් පහරදෙයි

සෙබළ ගිනි අවිය කොල්ලකෑමට උත්සාහ කරලා


ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා සෙබළෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු ඇඹිලිපිටිය ගගේයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 52 හැවිරිදි ඇඹිලිපිටිය ගගේයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 03 වැනිදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලක රාජකාරී නිරතව සිටි යුද හමුදා සෙබළෙකුට තියුණු ආයුධයකින් තුවාල සිදුකර ගිනි අවිය කොල්ලකෑමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔහු අද (10) හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Aruna