Sunday, December 28, 2025
Follow Us
කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

ගුවන් තොටුපළ අවට ආරක්ෂාව දැඩි කරයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට‌ගෙන තිබේ.

ඒ අරගලකරුවන් විශාල පිරිසක් පැමිණ ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණීමත් සමගයි.

අරගලකරුවන් සදහන් කරන්නේ ගුවන් තොටුපළ හරහා ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිටව යාමට කිසිදු ඉඩකඩක් ලබානොදෙන බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීම සදහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව අප වාර්තාකරු පවසයි.

අප වාර්තාකරු සදහන් කළේ අරගලකරුවන් විසින් ගුවන් තොටුපළට ඇතුළු වන සෑම වාහනයක්ම පරීක්ෂාවට ලක් කරන බවයි.

Aruna