එයාර්පෝට් යන එක රට යනවට වඩා අමාරු වෙයි
කටුනායක ගුවන් තොටුපළ කුළී රථ ගාස්තුව විදේශ රටකට ගමන් කිරීමට අය කරන ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුව අභිබවමින් තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඒ අනුව කන්කසන්තුරෙයි වෙත කටුනායක ගුවන් තොටුපළ සිට කුළී රථ ගාස්තුව රුපියල් 76,300 ක් වන අතර කටුනායක ගුවන්තොටුපළ සිට යාපනය වෙත කුළී රථ ගාස්තුව රුපියල් 73,000 කි.
මීට අමතරව මෙම කුළී රථ අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කරන්නේ නම් එම ගාස්තු ද මෙම කුළී රථ ගාස්තුවට එකතු කරනු ලබයි.
එහෙත් අඩු වියදම් ගුවන් ගාස්තු අය කරන ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට් වැනි ගුවන් යානා ඉන්දියාව වෙත ගුවන් මගින් යෑමට එක් ගුවන් මගියෙකුගෙන් අය කරන්නේ මෙම ගාස්තුවෙන් දහයෙන් එකක පමණ වන අඩු මුදලක් වන අතර ශ්‍රී ලංකාව සහ බහරේන් අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ විස් එයා ගුවන් සේවය එක් ගුවන් ගමන් වාරයක් සදහා එක් ගුවන් මගියෙකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් 11,000 ක් වැනි මුදලකි.
Aruna