Sunday, December 28, 2025
Follow Us
කොතලාවල සිසුන් අධ්‍යාපනය අතහැර යයි

ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගෞරවය අනතුරේ


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයන් හා උපදේශකවරුන් සුළු පිරිසකගේ ක්‍රියාකාරකම් නිසා එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපන කටයුතු අතහැර දමායන තත්ත්වයකට පත්ව ඇතැයි අනාවරණය වී ඇත.

මෙහි ඉගෙනුම ලබන සිසුවකුට වැසිකිළි පෝච්චියකට අත දමා එය සේදවීමට උපදේශක නිලධාරියකු අණ කිරීම නිසා එම ශිෂ්‍යයාගේ පියා වන මහාචාර්යවරයකු තම දරුවා ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරගෙන තිබේ.

මේ ආකාරයට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන් අතරින් අතලොස්සක්, කාන්තා නිලධාරීන් කිහිප දෙනකු හා ජ්‍යෙෂ්ඨ සිසුන් කරන තාඩන පීඩන ඉවසාගත නොහැකිව නවක සිසුන් ඉවත්ව යන බව හෙළිවී ඇත.

මෙහි සිදුවන ක්‍රියාකාරකම් ගැන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් හා ආරක්ෂක අමාත්‍යාංශය වෙතද පැමිණිලි ලැබී තිබේ.

උප කුලපතිවරයා විසින් විශාල වෙහෙසක් ගත්තද මෙහි සිටින කිහිප දෙනකු නිසා ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇති ගෞරවය කෙලෙසීමට ඉඩ ඇති බව අසාධාරණයට ලක් වූවන්ගේ දෙමාපියන් පෙන්වා දී ඇත.

Aruna