Monday, February 16, 2026
Follow Us
ඖෂධ මිලදී ගන්න ක්‍රිකට් ආයතනයෙන් මුදල්

යුපුන්ටත් ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 2ක්


අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සෞඛ්‍ය අංශය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක පරිත්‍යාගයක් නිල වශයෙන් භාරදී තිබෙනවා.

මෙම මුළු ප්‍රදානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා රිජ්වේ ආර්යා රෝහලටයි ලබාදී ඇත්තේ.

එමෙන්ම යුපුන් අබේකෝන් වෙත වසරකට අමෙරිකානු ඩොලර් 50,000 බැගින් වසර දෙකක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව වසර දෙක සඳහා යුපුන් අබේකෝන් හට හිමිවන අනුග්‍රාහකත්වය අමෙරිකානු ඩොලර් 100,000 ක්.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ද පරිත්‍යාග කර තිබේ.

Aruna