පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවශේෂ රාජ්‍ය වියදමින් හෙට මෙරටට ගෙනඑන බව විදේශ අමාත්‍යංශය පවසනවා.
නොරෝච්චෝලේ බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී සවස 06 ත් රාත්‍රී 09 යි 30 ත් අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැයක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. නොරෝච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවීම ඊට හේතු වන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.
ගෘහස්ත ගෑස් සිලින්ඩර අද සිට වෙළ පොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.
The islandwide power outage is not the result of sabotage but of natural occurrences, the Ceylon Electricity Board (CEB) Workers' Union said.
දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා.
ලෝකයම දැඩි අවධානමක හෙලා ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. මෙලෙස හඳුනා ගෙන ඇත්තේ අප්‍රිකානු කලාපයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. ඔහු පුත්තලම, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
මෙරටින් පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ අයෙකු බව ඊයේ අනාවරණ වුණා. මේ වනවිට බොහෝ රටවලට පැමිණීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණයි. එවන් පසුබිමක කිසිදු එන්නතක් හෝ ලබානොගත් මෙම කාන්තාව රටට ඇතුළුවූයේ කෙසේද යන්න ගැටළු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.
Page 309 of 732