රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඉල්ලීම් 07 කට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් විසදුම් ලබාදී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැන් පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.
ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙරටට ගෑස් ලබාගැනීමට ද මේ වන විට බලපෑම් එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ දිනයේ මෙරටට පැමිණි නෞකාවේ ගෑස් මෙටි්‍රක් ටොන් 3,600 ගොඩබෑම සිදුකළේ මුදල් පසුව ලබාදීමේ පදනම මත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.
The fares charged for the transportation of school children will have be increased, stated the All Ceylon School Transport Association, speaking to media.
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය අද සිට යළි වසා දැමෙනවා. ඒ, බොරතෙල් මිලදී ගැනීමේදී මතුව ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන්. මීට පෙර නොවැම්බර් 15 වනදා එම තෙල් පිරිපහදුව වසා දැමුණු අතර එය යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 07 වනදායි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ජනවාරි 26 හෝ 27 වනදා සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.
කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේ ස්ථාපිත දුම්රිය වේලාවන් සටහන් කෙරෙන ප්‍රධාන ඩිජිටල් පුවරුව වසරකට අධික කාලයක සිට අක්‍රීය වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් මෙන්ම විදෙස් සංචාරකයින් ද පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.
පොදු ස්ථානවලට ඇතුලුවීමේදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම බලාත්මක කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් කර්මාන්ත රැසකට ද මේ වන විට බලපෑම් එල්ලවී තිබෙනවා. ඒ අනුව ටයිල් සහ පෝසිලේන් නිෂ්පාදන මෙන්ම මහා පරිමාණ බිස්කට් කර්මාන්තශාලා, මුරුක්කු හා බයිට් වර්ග මෙන්ම රස කැවිලි නිෂ්පාදනය, දේශීය බතික් කර්මාන්තය, ලොන්ඩි්‍ර කර්මාන්තය මේ අතරින් විශේෂයි.
Page 308 of 745