Monday, July 07, 2025
Follow Us
බොරැල්ලේ බෝම්බ සිද්ධිය ගැන ඇහෙන අලුත්ම කතාව

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව


බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනසිටින විශ්‍රාමික වෛද්‍යවරයා සහ පොලිස් රැඳවුම්භාරයේ සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකළේය.

එම පැමිණිල්ල අද (28) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉකුත් දින රක්ෂිත බන්ධනාගාරගත කළ විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා අධිකරණයට ඉදිරිපත්කර තිබුණේ නැත.

එහෙත් එම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්නකළ ලියනගේ දයාසේන සහ රුවන්සිරි හේමචන්ද්‍ර යන සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

(Aruna)