Thursday, January 01, 2026
Follow Us
ආනන්තරීය පාපකර්මයක් කළ 22 හැවිරිදි පුත්‍රයා

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ ඝාතනය


පුතෙකු විසින් මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කර ඇති පුවතක් කුරුවිට, බටතොට ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 26 වනදා බටතොට ප්‍රදේශයේ කුණු වළක වැටී පුද්ගලයෙකු මියගොස් අති බවට කුරුවිට පොලීසියට මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පැමිණිල්ලක් කර තිබුණි.

එම මරණය සැක සහිත බව ට අදාළ කාන්තාව විසින් කුරුවිට පොලීසියට පවසා තිබුණි.

කුරුවිට පොලීසිය ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම මරණය ඝාතනයක් බව ට හෙළිදරව් වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 57 හැවිරිදි බටතොට, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ ඝාතනය සිදුකළ සැකකාර 22 හැවිරිදි පුත්‍රයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Aruna)