Monday, July 07, 2025
Follow Us
බේකරි කර්මාන්තය දැඩි අර්බුදයක

චූන් පාන්ලත් අමාරුවේ


ඉන්ධන අර්බුදය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු තවත් ගැටලු කිහිපයක් හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවට වාර්තා වේ.

තිරිගු පිටි, බටර්, මාගරින් සහ පාම් ඔයිල් වැනි අමුද්‍රව්‍ය හිග වීම හමුවේ ඔවුන් දැඩි පීඩාවට පත්ව ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පවතින තත්වය හමුවේ බේකරි ක්ෂේත්‍රයේ කටයුතු තවත් මාසයක කාලයක් හෝ ඉදිරියට ගෙනයාම අභියෝගයක් වී ඇති බව බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

එම තත්ත්වය හමුවේ බේකරි නිෂ්පාදන අලෙවි කළ චූන් පාන් කර්මාන්තය ද බිද වැටී ඇති බව ඔහු සඳහන් කළේය.

(Aruna)