Monday, July 07, 2025
Follow Us
ඩීසල් නැතිව එළවලු අස්වැන්නටත් හානි

ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසුවේ ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලියේ එලවළු ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බවයි.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ව්‍යාපාරිකයන් නුවරඑළියට නොපැමිණීම හේතුවෙන් මේ වනවිට ඇතැම් එළවලු වර්ග පරිභෝජනයට නුසුදුසු මට්ටමකට පැමිණ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු පැවසුවේ වගා බිම්වලට ජලය ලබා ගැනීමේදී මෝටර් භාවිත කරන බැවින් ඒවාට ඩීසල් සොයා ගැනීම ද මේ වන විට ගැටලුවක් වී ඇති බවයි.

(Neth)