Monday, July 07, 2025
Follow Us
යළි ගෑස් හිඟයක ලකුණු

ලිට්‍රෝ අනතුරු අඟවයි


ආනයනය කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් හයදහසක් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් අද (24 වැනිදා) දිනය වන විට නොලැබුණහොත් යළි ගෑස් හිඟයක් මතු විය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම අනතුරු අඟවයි.

ගෑස් නිදහස් කර ගැනීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 1. 2ක් පමණ අවශ්‍ය වුවද ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23 වැනිදා) පස්වරුව වන තෙක් මුදල් නිකුත් කර නොමැත.

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කර ඇති ගෑස් නෞකා දෙකක් මේ වන විට ශ්‍රී ලංකා මුහුදු තීරයේ රඳවා තිබේ. සමාගම සතුව ගෑස් මෙට්‍රික් ටොන් 2000ක් පමණක් ඊයේ (23 වැනිදා) වන විට තිබිණි. ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඇණවුම් ලබා දී ඇති බවද ලිට්‍රෝ ගෑස් සමාගම අවධාරණය කර සිටියි.

(Aruna)