Monday, July 07, 2025
Follow Us
කාන්තාවක් ඝාතනයට

67 හැවිරිදි මවකට සිදුවූ දේ


රිදීගම පොලිස් වසමේ, සමගි මාවත, දේවාල හංදිය ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනයට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ ආරක්ෂක හිස්වැසුමකින් පහර දී එම කාන්තාව ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේ ම පදිංචි 67 හැවිරිදි මවක්

ඝාතනයට ලක්වු කාන්තාවගේ දියණිය යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුර සිදුකළ යතුරුපැදිකරු සොයා ගොස් ඝාතනයට ලක්වු කාන්තාව ඒ පිළිබඳ විමසා ඇති අතර, එහිදී බහින්බස් වීමක් දුරදිග ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අනතුර සිදුකළ යතුරුපැදිකරු විසින් ඔහුගේ අතේ තිබුණු ආරක්ෂක හිස්වැසුමෙන් අදාළ කාන්තාවට පහරදී ඇති බවය.

ඝාතනය සිදුකළ 30 හැවිරිදි රිදීගම ප්‍රදේශයේ පදිංචිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රිදීගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Aruna)