Thursday, January 01, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකිරීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනය මෙන්න


පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්පයක් නැතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

එම සම්මේලනය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශන කොමිසන් සභාව විසින් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මවිතයටත්, කණගාටුවටත් පත්ව සිටින බවයි.

(Aruna)