Monday, July 07, 2025
Follow Us
විදුලි ගාස්තු වැඩිකිරීමට යෝජනාවක්

විදුලි ගාස්තු ඉහළ දැමීම තීරණය වන්නේ මෙහෙමයි


විදුලි ගාස්තුව ඉහළ දැමීමට රජයට යෝජනා කිරීමට කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි.

ඔහු සදහන් කළේ විදුලි ගාස්තුව 2014 වසරෙන් පසුව ඉහළ දමා නොමැති අතර 2014 වසරේ විදුලි ගාස්තුව 25% කින් අඩු කළ බවයි.

මහජන උපයෝගිතා කොමිසම හරහා එම යෝජනාව ඉදිරිපත් කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

එවිට මහජන උපයෝගිතා කොමිසම ඒ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් කර සෑම පාර්ශවයකම අදහස් ලබාගන්නා බවත් ඉන් පසුව විදුලි ගාස්තුව වැඩි කරනවාද සහනාධාරණයක් දෙනාවද යන රජයෙන් විමසන බවත් එම නිලධාරියා පැවසීය.
රජය දක්වන ප්‍රතිචාරයේ ස්භාවය අනුව විදුලි ගාස්තු ඉහළ යෑම හෝ වර්තමාන තත්ත්වයේම පැවැත්ම තීරණය වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරයි.

(Aruna)