Thursday, January 01, 2026
Follow Us
පූකුඩු කන්නාගේ ගෝලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික හෙරොයින්


රුපියල් කෝටියකට අධික හෙරොයින් සහ රුපියල් 793,350ක මුදලක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් පූකුඩුකන්නාගේ ගෝලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කෙරවලපිටිය ප්‍රදේශයේදී යි.

විදේශගත ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩු කන්නා විසින් ලබා දෙන උපදෙස් මත මොහු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බව සඳහන්.

පූකුඩු කන්නා විසින් දැනුම් දෙන ස්ථානයට ගොස් එහි සිටින කාන්තාවක් විසින් ලබා දෙන මත්ද්‍රව්‍ය සැකකරු විසින් ලබා ගන්නා බවටයි වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ

(Aruna)