Thursday, April 09, 2026
Follow Us
කැබිලිත්ත දේවාලය ආශ්‍රිතව ගැවසෙන අලියා රෝගාතුර වෙයි

කතරගම කැබිලිත්ත දේවාලය ආශ්‍රිතව ගැවසෙන අලියා දින කිහිපයක සිට රෝගී තත්ත්වයෙන් පසුවන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. අලියාගේ ශරීරය තුළ තුවාල දක්නට ලැබෙන බවත්, ඒ හේතුවෙන් අලියා වේදනාවකින් පසුවන බවයි එහිදී වාර්තා වුණේ.

වැඩිදුරටත් කළ සොයාබැලීමකදී හෙළි වුණේ දින 05 ක පමණ සිට මෙම අලියා වේදනාවෙන් පසුවුවද මෙතෙක් කිසිදු බලධාරියෙකු අලියා පිළිබඳ සොයාබලා නොමැති බවයි.

(Neth)