Monday, July 07, 2025
Follow Us
13 හැවිරිදි දරුවෙකු පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලයි

මොරටුව කටුබැද්ද මංසන්ධිය ප්‍රදේශයේදී වයස අවුරුදු 13 ක දරුවෙකු පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දරුවා පැහැර ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් දරුවාගේ පියා, නෙත් නිවුස් දැනුවත් කළා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහ සහකාර පොලිස් අධිකාරි සාරනාත් සමරකෝන් දැනුවත් කිරීමටයි නෙත් නිවුස් කටයුතු කළේ.

එහිදී වහා ක්‍රියාත්මක වූ අදාළ උසස් පොලිස් නිලධාරීගේ අධීක්‍ෂණයෙන් පැය 24 ක් ගතවීමට පෙර දරුවා පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුව ගත් බවයි පොලීසිය පැවසුවේ.

ජීප් රථයකින් පැමිණි පුද්ගලයෙකු සිය වැඩිමහල් දරුවා පැහැර ගැනීමට තැත් කර ඇති බවයි දරුවාගෙන් පියා වන කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජිත් සුනිල් කුමාර නෙත් නිවුස් වෙත සදහන් කළේ.

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් ජනතාව රැවටූ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසු කරදීමට ඉකුත්දා තමන් ද මැදිහත් වූ බව ඔහු සදහන් කළා. අදාළ පුද්ගලයා විසින් දරුවා පැහැර ගැනීමට තැත් කළේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවද දරුවාගේ පියා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සදහන් කළා.

(Neth)