Thursday, January 01, 2026
Follow Us
විදුලි කප්පාදුවෙන් කොළඹ හැර සෙසු ප්‍රදේශවල ජල සැපයුමට බාධා

දිවයින පුරා දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ලවනු ඇති බව ජල සම්පාදන සේවක සංගමයේ සම ලේකම් උපාලි රත්නායක මහතා පවසයි.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය සපයන අඹතලේ ජල පිරිපහදුවට විදුලි ජනන යන්ත්‍ර හරහා විදුලිය ලබාගත හැකි බැවින් මෙම විදුලි කප්පාදුවෙන් එයට බලපෑමක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේවෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ජල සැපයුම් ක්‍රියාවලිය සෘජුවම ජාතික විදුලි පද්ධතිය හා සම්බන්ධව පවතින බැවින් ප්‍රාදේශීය ජල සැපයුම්වල අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

(LNW)