Thursday, January 01, 2026
Follow Us
ජය ශ්‍රී සංගීත කණ්ඩායම පෙර පරිදිම ගීත කියයි

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ”මොඩ් ගොවියා” සහ ”සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා.

අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ මහාධිකරණය ඉකුත්දා අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන දෙදෙනාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් දෙදෙනා විසින් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණේ එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බැවින් එය ඉවත් කරන ලෙසටයි.

එම ඉල්ලීම්වලට අදාල නියෝගය ප්‍රකාශයට පත් කරමින් වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අදාළ වාරණ නියෝගය ඉවත් කිරීමට නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. නඩුව මැයි මස 27 වනදා යළි කැඳවීමට ද නියම කර තිබෙනවා.

(Neth)