Monday, July 07, 2025
Follow Us
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කරයි

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා අහඹු ලෙස සිදු කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 1,286 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා මරණ ගණන 26ක්. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හය ලක්ෂ 43,072ක් දක්වා ඉහල ගොස් ඇති අතර මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 16,142ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

සුවය ලබා ඇති පුද්ගලයින් ගණන හය ලක්ෂ 8,226ක් වන අතර තවදුරටත් ප්‍රතිකාර ලබන මෙරට සක්‍රීය කොවිඩ් ආසාදිතයින් ගණන 18,704ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

(Neth)