අඛණ්ඩව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ඔසුසැල්වල ඖෂධ ගබඩා කර තැබීමේදී ගැටළු රැසක් පැනනැගී ඇතැයි ඖෂධවේදීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් ඖෂධ අනිවාර්යයෙන්ම ශීතකරණයක් තුළ තැබිය යුතු බවයි. කඩින්කඩ විදුලිය විසන්ධිවීමෙන් එවැනි ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව ඖෂධවේදීන් පෙන්වා දෙනවා.
විදුලිය බිද වැටීමත් සමග දුරකථන ඇමතුම් ඇතුළු සන්නිවේදන සබදතා ද බිද වැටෙන බවට ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා. නෙත් නිවුස් ඇමතූ ශ්‍රාවකයින් ඒ බව තහවුරු කළා. පැය ගණනාවක් අඛණ්ඩව විදුලි විසන්ධි කිරීම හමුවේ ඇතැම් ප්‍රදේශවල දුරකථන සංඥා ගැටලු මතුව ඇති බව තාක්ෂණ අමාත්‍යංශය ද පැවසුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු වටා සිටින කේවට්ටයින්ගේ උපදෙස් අනුව ඉදිරි ගමන යෑමට සැරසෙන්නේ නම් තමන්ටත් ඉතාම ඉක්මනින් වෙන පැත්තක් බලාගැනීමට සිදුවනු ඇති බවට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස දිවුරුම් දීමට “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි දැරූ උත්සාහයක් ඊයේ (30) ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර තිබෙන බව වාර්තා වේ.
රටතුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදාහැරීමේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය කාර්යාලවල ඇති රථවාහනවලට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් දෛනික කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ.
ඩීසල් අර්බුදය මේ වනවිට උඝ්ර වී ඇති බැවින් සඳුදා දිනය වනවිට සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කරගැනීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
වර්ෂාව පිළිබඳ තැබූ පුරෝකථනයන් වැරදී ජලාශවල ඒ වනවිටත් එක්රැස්වී තිබූ ජලය විදුලි උත්පාදනයට ලබානොගෙන කෘෂිකාර්මික කටයුතු සඳහා මුදාහැර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ කිරිම සහ සිය තේ වතුවලට අවශ්‍ය ඩීසල් නොමැතිවීම හේතුවෙන් හෙට සිට තේවතුවල දෛනික වැඩකටයුතු සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බව වතු අධිකාරිවරුන් පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේවනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජලවිදුලි උත්පාදනයට දැඩි බාධා එල්ලවී ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරනවා. දිවයිනටම බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සඳහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වනවිටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
ඉදිරි දින 05 ක කාලය තුළ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණීමට නියමිතයි. ඒ, ඉන්දීය ණය පහසුකම් යටතේයි. එහි පළමු ඩීසල් තොගය අද රාත්‍රියේ පැමිණීමට නියමිතයි.
වැඩි මිලට ගෑස් අළෙවි කරන හෝ ගෑස් සඟවා තබා ගෙන සිටින අළෙවිකරුවන්ගේ බලපත්‍රය අවලංගු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති තෙෂාර ජයසිංහ පැවසුවේ එවැනි ස්ථාන සොයා පොලීසිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්‍රෝ සමාගම එක්ව තවදුරටත් වැටලීම් සිදුකරන බවයි.
කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ කටයුතු සීමා කරන ලෙස එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් අදාළ අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
Page 264 of 737