ජනතාවට සහනයක්
ජනතාවට සහන මිලට සහල් සැපයීම සඳහා වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 43,000 ක් සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමේ කටයුතු ඊයේ (12 වැනිදා) ආරම්භ කළ බවත්, ඒ අනුව පාරිභෝගික ජනතාවට සමුපකාර සමිති, සතොස වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල් හරහා අද (13 වැනිදා) සිට අඩු මිලට සහල් මිලදී ගැනීමට හැකි බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පැවැසීය.
වී අලෙවි මණ්ඩලය පසුගිය කන්නයේදී මිලදීගත් වී මෙට්‍රික් ටොන් 43,000 ක් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ලබාදී සහල් බවට පත්කර සමුපකාර සමිති, සතොස වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල්වලට නිකුත් කරන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.
වී අලෙවි මණ්ඩලය නිකුත් කරන සුදු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 197 කටද, නාඩු සහල් කිලෝවක් රුපියල් 199 බැගින්ද, සම්බා කිලෝවක් රුපියල් 205 බැගින්ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 215 බැගින්ද පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සතොස, සමුපකාර සමිති සහ සුපිරි වෙළෙඳසල් කටයුතු කළයුතු බවත්, එම මිල ගණන්වලටම සහල් අලෙවි කරනවා දැයි වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන් යොදවා වරින් වර පරීක්ෂාවට ලක් කරන බව සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.
වැඩි මිලට සහල් තොග අලෙවි කිරීමට කටයුතු කළහොත් එම ස්ථානවලට සහල් නිකුත් නොකරන බවද සභාපතිවරයා සඳහන් කරයි.
Aruna