Saturday, December 27, 2025
Follow Us
එළවළු මිල දසගුණයකින් ඉහළට

කිලෝවක තොග මිල දෙසියය ඉක්මවයි


ගෙවුණු දින කීපය තුළ එළවළු තොග මිල පසුගිය මාසයට සාපේක්ෂව දස ගුණයකින් ඉහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙන්දෝ පවසනවා.

එළවළු වර්ග ගණනාවක කිලෝවක තොග මිල ඊයේ රුපියල් දෙසියය ඉක්මවා ඇති බවට වාර්තා වනවා.

සමස්ත එළවළු ගොවීන්ගෙන් සියයට 80ක් වගාවෙන් ඉවත්ව යාම සියයට 70 ක් තොග ගැණුම්කරුවන් නොපැමිණීම ලැබෙන එළවළු තොග මිල ඉහළ යාමට බලපා තිබෙන බව එහි සභාපති ශාන්ත ඒකනායක අරුණ ට සඳහන් කළා.

එළවළු වගාවට පවතින ඉන්ධන,පොහොර,කෘෂි රසායන හිඟයට රජය වහාම පිළියම් නොයෙදුවහොත් ඉදිරි මාස කීපය තුළ ගොවීන් සම්පූර්ණයෙන්ම ඉවත්ව රටපුරා එළවළු හිඟය උග්‍ර වනු ඇති බව සභාපතිවරයා අවධාරණය කළේ.

ඊයේ එළවළු ගණනාවක තොග මිල කිලෝවක් සඳහා රුපියල් දෙසියය ඉක්මවා ලැබී තිබේ. බෝංචි කිලෝවක් රුපියල් 600ත් 650ත්/ තක්කාලි කිලෝවක් රුපියල් 440ත් 450ත්/ අමු මිරිස් කිලෝවක් රුපියල් 400ත් 450ත්/ මල් ගෝවා කිලෝවක් රුපියල් 390ත් 400ත්/ මාළු මිරිස් කිලෝවක් රුපියල් 310ක් ඉහළ තොග මිලකට අලවි වී තිබේ.

ගෝවා කිලෝවක් සදහා රුපියල් 250ත් 270ත්/ කට් බීට් (මැල්සිරිපුර) 210ත් 220ත්/ නුවරඑළිය කැරට් රුපියල් 310ත් 320ත්/ නුවරඑළිය කොළ බීට් රුපියල් 265ත් 270ත්/ ලීක්ස් රුපියල් 180ත් 200ත්/ නෝකෝල් 240ත් 250ත්/ පිපිඤ්ඤා රුපියල් 110ත් 120ත් කැකිරි රුපියල් 90ත් 100ත් නුවරඑළිය අර්තාපල් රුපියල් 280ත් 300ත් අතර තොග මිලකට අලවිවී තිබේ.

Aruna