Sunday, February 15, 2026
Follow Us
වත්තල ඇලකන්දේ වෙඩි තැබීමක්

යතුරුපැදියෙන් ආ වෙඩික්කාරයෝ කළ අපරාධය


යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වත්තල ඇලකන්ද ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්ලුව පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වී ඇත.

ජිවිතක්ෂයට පත් වූ එම පුද්ගලයා මට්ටක්කුලිය ප්‍රදේශයේ අයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Aruna