Saturday, December 27, 2025
Follow Us
ඉදිරියේදී දරුණු ගෑස් හිඟයක්

ලිට්‍රෝ නව සභාපතිවරයා කරන හෙළිදරව්ව


ලිට්‍රෝ සමාගමේ හිටපු පාලකයන් වගකීම් වරහිතව කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසයි.

ඔහු පැවසුවේ මේ වන විට ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් ගෑස් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකර ඇති බවයි.

අවම වශයෙන් සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ ගොඩබාන විට හෝ මුදල් ගෙවීමට සාකච්ඡා කර නොමැති බව කී මුදිත පීරිස් ඒ හේතුවෙන් හිස් මුහුද පමණක් ඉතිරිව ඇති බව ද පැවසීය.

ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

Aruna