Saturday, December 27, 2025
Follow Us
පොසොන් පෝය අදයි

මිහින්තලයේ ආගමික වැඩසටහන් රැසක්


ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබේ.

ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ,සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු විය.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූව පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් විය.

එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිනිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙයි.

පොසොන් පොහොය යෙදී තිබෙන අද (14 වැනිදා) දවස පුරා මිහින්තලයේදී ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

Aruna