Saturday, December 27, 2025
Follow Us
සිංහ - කැන්ගරු එක්දින සටන අද සිට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද පස්වරුවේ ආරම්භ වනවා.

දිවා රාත්‍රී තරඟයක් වන එම තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. සවස 2 යි 30 ට තරඟය ආරම්භවීමට නියිමිතව තිබෙනවා.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරුවන් 06 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ දඟ පන්දු යවන්නන් 03 දෙනෙක් ක්‍රීඩා කරනු ඇති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ.

දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 97 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 61 ක් ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 32 ක් ජයගෙන ඇති අතර තරඟ 04 ක් විසදුමකින් තොරව නිමාවට පත්ව තිබෙනවා.

Neth