පහර කෑ ලේලිය බේරගන්න ගිය මාමණ්ඩි අවසන් ගමන් යයි
කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රී කාලයේදී පුතා විසින් තම පියාට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වූ පොහොරබාව පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය පවසන ආකාරයට මෙම ඝාතනය සිදුවී ඇත්තේ සැකකාර පුතා බීමත්ව පැමිණ ඔහුගේ බිරිඳට පහර දෙන අවස්ථාවක පියා පැමිණ බේරාගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු විසින් පොල්ලකින් සිදුකළ පහරදීමකිනි.
ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Aruna