Sunday, February 15, 2026
Follow Us
CEB සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති M.M.C. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කලේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් තමන් වෙත යොමු කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගනු ලැබූ බවයි.

ඒ අනුව ලංවිම නව සභාපතිවරයා ලෙස එහි නියෝජ්‍ය සභාපති නලින්ද ඉලංගකෝන් පත්කර තිබෙනවා.

කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ඔහු සිදුකළ ප්‍රකාශය ගැන මේ වන විට දේශපාලන වේදකාවේ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.

Neth