ලෝක ආහාර ආරක්ෂන දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව සෞඛ්‍ය සඳහා ආරක්ෂිත ආහාර යන්නයි. ආහාර මගින් ඇතිවන අවදානම් වැළැක්වීම, හදුනා ගැනීම හා කළමණාකරණය කිරීම සහ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සදහා අවදානය යොමු කිරීම හා බල මුළු ගැන්වීම සඳහා වාර්ෂිකව ජුනි මස 07වන දින ලෝක ආහාර ආරක්ෂන දිනය සමරනු ලබනවා.
අද (06) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් ධාවනය පූර්ණ වශයෙන්ම අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදියි. රාත්‍රී 07ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
රට අර්බුදකාරි තත්ත්වයකට මුහුණ පාමින් ඇති පසුබිමක වුවද, මෙරට බොහෝ නිවෙස්වල මේවනවිටත් ආහාර අපතේ යාම සිදුවනවා. එලෙස ආහාර අපතේ යාම හේතුවෙන් ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන ආහාර අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.
පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. නිවාඩුවෙන් අනතුරුව පාසැල් ද යළි විවෘත වන බැවින් දරුවන් පිළිබඳ මේ දිනවල වඩාත් අවධානය යොමු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ පැවසුවේ.
තංගල්ල, මොරකැටිආර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමෙන් මිය පුද්ගලයාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් බව අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.
There will be a fuel price increase again by mid June due to the increase in the crude oil price in the world market, Samagi United Trade Union Force (SUTUF) convener and media spokesman Ananda Palitha said.
Page 265 of 768