Sunday, February 15, 2026
Follow Us
ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් 21ක් අත්අඩංගුවට

ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම් සංඛ්‍යාව 857 ක්


මැයි 09 වැනිදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ , ඒ අතරින් සැකකරුවන් 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

පසුගිය මැයි 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම් සංඛ්‍යාව 857 ක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,725 වන අතර රක්ෂිත බන්ධනාගාරගත ඇති සංඛ්‍යාව 1,083 ක් බව පොලීසිය සඳහන් කළා

Aruna