දුම්රිය මැදිරියෙන් හමු වූ නාඳුනන මළ සිරුර
රඹුක්කන සිට කොළඹ – කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් තුළ තිබී ගෙළ වැළලාගෙන මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් අද (12) අලුයම හමුවී තිබේ.
පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (12) අලුයම 5.25 ට දුම්රිය ස්ථානයේ සිට ධාවනය ආරම්භ වීමට නියමිතව තිබූ දුම්රියේ 3 වන මැදිරියේ වයස අවුරුදු 60 ක් පමණ වන පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සිටිනු එම දුම්රියේ සහයක රියදුරා දැක අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි.
එම පුද්ගලයා සුදු සරමකින් සහ රතු කළු මිශ්‍ර අත්දිග කමිසයක් ඇඳ සිට ඇති අතර ඔහු සන්තකයේ තිබී පොල්ගහවෙල සිට බණ්ඩාරවෙලට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ද සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
සියදිවි හානි කරගත් පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර දේහය මහේස්ත්‍රාවරයා පරික්ෂා කිරීමෙන් පසු කෑගල්ල මහ රෝහලට භාර දී ඇත.
Aruna