Saturday, December 27, 2025
Follow Us
මාළු මිල ඉහළට

ජනතාව පරිප්පු සඳහා පාලන මිලක් ඉල්ලති


ඉන්ධන අර්බුදය ධීවරයින් සඳහා එල්ල කර ඇති බලපෑම හේතුවෙන් වෙළෙඳපොළේ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තලපත් රු.2,200ක්, කොප්පරා රු.2,300ක්, තෝරා රු.2,500ක්, පරව් රු.1,500ක්, කුම්බලාවො රු.1,300ක්, ඉස්සෝ රු.1,300ක් සහ සාලයෝ රු. 800ක් වශයෙන් කිලෝග්‍රෑමයක තොග මිල පවතී.

එම අධික මිල ගණන් යටතේ අලෙවි වන මාළු තොග තවත් රුපියල් 200-600ත් අතර මිලක් එකතුවීමෙන් පසුව සිල්ලර වශයෙන් පාරිභෝගිකයා අතට පත්වෙයි.

මේ අතර වෙළෙඳපොළේ පරිප්පු කිලෝග්‍රෑමයක මිල අද වනවිට රුපියල් 650 ඉක්මවා ඇති අතර පරිප්පු සඳහා පාලන මිලක් පනවන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

Aruna