Sunday, February 15, 2026
Follow Us
රටම පුදුම කරමින් අනුරාධපුරයෙන් ගෑස් මතු වෙයි

නොසිතු තැනක තිබුණු ගෑස්


අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ඉන්ධනහලක සඟවා තිබූනා යැයි කියන ගෑස් සිලින්ඩර් 586ක් අනුරාධපුර පාරිභෝගික අධිකාරියේ නිලධාරින් (12) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව ලාෆ් ගෑස් 12.5 ගෑස් සිලින්ඩර් 540 ක් හා 37.5 ගෑස් සිලින්ඩර් 46 පාරිභෝගික අධීකාරීබාරයට ගෙන තිබේ.

එම ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයනට එම අවස්ථාවේම නිකුත් කළ බවද කියා සිටියේ ය .

මෙම වරද සිදු කළ තැනැත්තාට එරෙහි ව නඩු පවරන බව පාරිභෝගික අධිකාරියේ ප්‍රධානියා සඳහන් කළේය

Aruna